බගවන්තලාව තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ (ඡායාරූප)

Monday, 13 May 2019 - 13:20

%E0%B6%B6%E0%B6%9C%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බගවන්තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.

වතු කම්කරුවෙකු විසින් කළ දැනුම්දීමකට අනුව අද පෙරවරුවේ මෙම සිරුර තේ වත්තේ කාණුවක තිබියදී සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව - කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

බගවන්තලාව - කර්කස්වොල් වතුයායේ ඥාතියෙකුගේ නිවසකට යන බව පවසමින් මෙම පුද්ගලයා ඊයේ නිවසින් පිටත්ව ගොස් ඇති අතර, මොහු කාණුවට වැටී අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.



ඡායාරූප - හැටන් - රංජිත් රාජපක්ෂ