වැඩබලන ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධන

Monday, 13 May 2019 - 14:02

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පත් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ චීන නිළ සංචාරය නිම කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යළි දිවයිනට පැමිණෙන තුරු මෙම පත් කිරීම බල පැවැත්වෙන බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 302 දරණ යානයෙන් ජනාධිපතිවරයා අද උදෑසන චීනය බලා පිටත්ව ගියේ අනිද්දා එරටදී ආරම්භ වන ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහායි.

27 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද ජනාධිපතිවරයා සමඟ පිටත්ව ගිය බව ගුවන්තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.  

මේ අතර, වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න පත් කිරීම සඳහා ජනාධිපතිවරයා කර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.