තමන් දේශපාලනයට ඈඳා ගන්න එපා - අගරදගුරු හිමියන්ගෙන් ඉල්ලීමක්

Monday, 13 May 2019 - 16:08

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%88%E0%B6%B3%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යම් පක්ෂයකට සහයෝගය දීමට හෝ දේශපාලන තනතුරු සඳහා ඉදිරිපත් වීමට කිසිදු උත්සාහයක් හෝ අභිලාෂයක් තමන්ට නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ රටේ වත්මන් තත්ත්වය අරඹයා තමන්ට දේශපාලන වගකීම් පැවරීම සුදුසු යැයි විවිධ පුද්ගලයින් මත පළ කිරීම පිළිබදව මවිතයට හා කණගාටුවට පත්වන බවයි.

කතෝලික පූජා ප්‍රසාදිතුමෙකු හා රදගුරුතුමෙකු වශයෙන් තම අරමුණ හුදෙක් ආධ්‍යාත්මික හා ආගමික මෙහෙවරක යෙදීම පමණක් බව ද අදාළ නිවේදනයේ සඳහන්. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ තමන් රටට, ජනතාවට මෙන්ම උතුම් වූ සංස්කෘතියට ඉමහත් සේ ආදරය කරන බවයි.

තම එකම දේශපාලනය දෙවියන් වහන්සේට හා ආදරණීය ජනතාවට සේවය කිරීම බව සිහිපත් කරන උන්වහන්සේ අවධාරණය කළේ මෙවැනි ප්‍රකාශ මෙතැනින් නවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.




රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More