අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC පෙට්‍රල් මිල ඉහළට ඩීසල් මිල පහළට

Monday, 13 May 2019 - 21:23

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+IOC+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි. ඕ.සී. සමාගම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 9කින් අඩු කිරීමටත්, පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමටත් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 104ක් ලෙසයි.

එමෙන්ම 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල, වන්නේ රුපියල් 140ක්.

ඉන්ධන මිල සූත්‍රයට අනුව පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, එහිදී ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදුවූයේ නැහැ.

මෙම මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල මෙතෙක් රුපියල් 132ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව එහි නව මිල සටහන් වුණේ රුපියල් 135ක් ලෙසයි.

එමෙන්ම රුපියල් 159ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමුණු අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 164ක් ලෙස සටහන් වනවා.

ඊට අමතරව රුපියල් 134ක්ව පැවති සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි නව සටහන් වන්නේ රුපියල් 136ක් ලෙසයි.