IMF මූල්‍යාධාර තවත් වසරකින් දිගු වෙයි

Tuesday, 14 May 2019 - 7:40

IMF+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍යාධාරය තවත් වසරක් සඳහා දිගු කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (13) තීරණය කළා.

ඒ, ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වය පිළිබදව 5 වන ඇගයීම අවසන් කිරීමෙන් අනතුරුවයි.

මෙරට ගෙවුම් ශේෂය හිඟය පියවීම සහ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම දිගුකළ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාව සඳහා ලබාදෙන අතර, විධායක මණ්ඩලය ඊයේ ගනු ලැබූ තීරණය අනුව තවත් ඩොලර් මිලියන 164ක වාරිකය ද නිකුත් කෙරෙනු ඇති.

ඒ අනුව අයි.එම්.එෆ්. නවතම මූල්‍යාධාරය යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් මුළු මුදල ඩොලර් බිලියන 1.15 දක්වා ඉහළ යනවා.

මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ සිය ආධාර වැඩසටහන නිසි මඟට පිවිසුණ ද ශක්තිමත් පරිපූර්ණ සංවර්ධනයක් උදෙසා ශ්‍රී ලංකාව තිරසාර මූල්‍ය ප්‍රතිපත්ති මත කටයුතු කළ යුතු බවයි.