මිනුවන්ගොඩ සිද්ධියට අත්අඩංගුවට ගත් නව දෙනෙකු 29 වනදා දක්වා රිමාන්ඩ්

Tuesday, 14 May 2019 - 13:45

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+29+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ ඇති වූ කලහකාරි සිද්ධියට එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් පුද්ගලයින් 9 දෙනෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබෙනවා.

ඒ ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ ප්‍රතිපාදන වලට අනුවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට ඇප ලබා ගත හැක්කේ යම් දිනෙක මහාධිකරණයකට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.

එමෙන්ම, මිනුවන්ගොඩ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන තවත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු සියලූදෙනා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළා.