විපක්ෂයේ මන්ත්‍රීවරුන් හදිසියේ කැඳවයි

Wednesday, 15 May 2019 - 7:33

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ හදිසි රැස්වීමක් ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි.

ඒ අනුව පෙරවරු 11 ට විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව සිදු කිරීමට නියමිතයි.