වැඩබලන ආරක්ෂ ඇමති මහනාහිමිවරුන් හමුවට

Wednesday, 15 May 2019 - 13:12

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන අද මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදුටුවා.

මෙම හමුවට කතානායක කරූ ජයසූරිය ඇතුළු රජයේ මැතිඇමතිවරුන් පිරිසක් ද එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම සාකච්ඡා මාධ්‍යයට විවෘත වූයේ නැහැ.

අස්ගිරි විහාරයට පැමිණි පිරිස මුලින්ම බැහැදුටුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන්.

ඔවුන්, මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි.

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිලිබඳව කතානායකවරයා ඇතුළු පිරිස මෙහිදී මහානාහිමිවරුන් දැනුවත් කර තිබෙනවා.