ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතට

Wednesday, 15 May 2019 - 13:37

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%2C+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7
සේවා අවශ්‍යතා මත පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණයට යටත් කර ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා.

එමෙන්ම කුලියාපිටිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මාරු කර යවා තිබෙනවා.

නුගේගොඩ පොලිස් අධිකාරි එල්.එස්.සිගේරා කුලියාපිටිය පොලීසියට මාරු කර යැවීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

එමෙන්ම, ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් අධිකාරි ඩබ්ලිව්.එම්.ඒ.ආර් ප්‍රනාන්දු නුගේගොඩ පොලිස් කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා.