අමිත් වීරසිංහ රිමාන්ඩ්

Wednesday, 15 May 2019 - 14:57

%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජාතික සමගියට හානිවන අයුරින් මත පළ කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂවනි පෙරේරාගේ නියෝගයකට අනුවයි.

ඊයේ සහ පෙරේදා ප්‍රදේශ කිහිපයක ඇති වූ කලහකාරි සහ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙනුයි තෙල්දෙණිය ප්‍රදේශයේදී අමිත් වීරසිංහ අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙම සිද්ධීන් වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය පොලිස් අධිකාරිවරයෙකුගේ අධීක්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් ද පත්කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශේෂ පොලිස් කණ්ඩායම විසින්.

අමිත් වීරසිංහ පසුගිය වසරේ මාර්තු මාසයේ දිගන සහ තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගැණුනු අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොහුව මහනුවර මහාධිකරණය මගින් ඇප මත මුදා හැරුණේ මාස 07කට පමණ පසුවයි.

මේ අතර නිකවැරටිය ප්‍රදේශයේදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුනු පුද්ගලයින් 12 දෙනෙකු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නියෝග කෙරුණේ ඔවුන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.