මුදල් ඇමති පත් කළ අධ්‍යක්‍ෂ මණ්ඩලයකට වැඩ කිරීම තහනම්

Wednesday, 15 May 2019 - 17:50

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ලිට්රෝ සමාගමට පත් කළ නව අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කටයුතු කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ වානිජ මහාධිකරණය පියවර ගෙන තිබෙනවා.

ඒ, ලිට්රෝ සමාගමේ හිටපු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 4 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද වානිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

එම පෙත්සම තුළින් ඔවුන් සඳහන් කර තිබුණේ ලිට්රෝ ගෑස් සමාගම සඳහා පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නව අධ්‍යක්‍ෂ මණ්ඩලයක් පත් කර ඇති බවයි.

ලිට්රෝ ගෑස් සමාගම තුළ මහා භාණ්ඩාගාරයේ කොටස් නොමැති හෙයින් මුදල් අමාත්‍යාංශයට එලෙස අධ්‍යක්‍ෂවරුන් පත් කිරීමේ බලයක් නොමැති බවද ඔවුන් එම පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.