වයඹට සහ ගම්පහට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අවසන්

Thursday, 16 May 2019 - 7:16

%E0%B7%80%E0%B6%BA%E0%B6%B9%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට ඊයේ රාත්‍රී 7 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අලූයම 4 ට අවසන් වුණා.

මේ අතර, නිසි සැළැස්මකට අනුව රට තුළ ආරක්ෂාව සළසා ඇති බැවින් අධ්‍යාපන කටයුතු සඳහා දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් සිදුකළා.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

පසුගිය දිනවල දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථවාහන ඇතුලූ දේපළ හානි රැසක් වාර්තාවුණා.

කෙසේ වෙතත් කිසියම් සංවිධානාත්මක කළහකාරීන් පිරිසක් ඇති කළ මෙම තත්ත්වයට මුහුණදුන් පිරිස් ප්‍රකාශ කළේ දේපළවලට කවුරුන් පහරදුන්නද ජාතීන් අතර ඇති සමගියට පහරදීමට කිසිවෙකුටත් නොහැකි බවයි.