දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වැසි

Thursday, 16 May 2019 - 7:34

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පස්වරු දෙකෙන් පසුව ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර එම ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං තත්වයක්ද ඇතිවිය හැකියි.