ත්‍රස්තවාදීන් සමග සමීප සබදතා පැවැත්වූ අයෙකු අල්ලයි

Thursday, 16 May 2019 - 14:53

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4+%E0%B7%83%E0%B6%B6%E0%B6%AF%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශය තුළ පසුගියදා සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූ සහ සැලසුම් කළ පුද්ගලයින් සොයා බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බවයි.

මේ අතර වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ කළහකාරී සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ සෙවීම සඳහා බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මේ අතර, බෝම්බ පිපිරීම්වලට අදාළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබදතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙකු වත්තල - මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.

සැකකාර කෝටිපති ව්‍යාපාරිකයාට මාබෝල ප්‍රදේශයේ සුඛෝපභෝගි තෙමහල්, නිවසක් සහ දෙමහල් නිවසක් ඇති බවත්, ඔහුගේ බිරින්දෑවරුන් දෙදෙනා සහ දරුවන් දෙදෙනා එහි පදිංචිව සිටින බවත් පොලීසිය ප්‍රකාශ කළා.

වසර කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේ කුලී රථ රියදුරෙක් ලෙස ජීවිකාව ගෙන ගිය සැකකරු මේ වනවිට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක හිමිකරුවෙකු බවත් පොලීසිය අනාවරණ කරගෙන තිබෙනවා.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කළහකාරී සිදු වීම් සම්බන්ධයෙන් අත්අංඩංගුවට ගැණුනු සැකකරුවන් 35 දෙනෙකු ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී ඔවුන්ගේ ඥාතීන් අධිකරණ භූමිය ඉදිරිපිටට රැස්ව සිටි අතර අධිකරණ පරිශ්‍රය අවට පොලිස් කැරළි මර්ධන ඒකකය ඇතුළු විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අතුරින් 32 දෙදෙනෙකු ලබන 22 දක්වා සහ 3 දෙනෙක් ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

එය සැළවීමත් සමඟ සැකකරුවන්ගේ ඥාතීන් නොසන්සුන් වුණා.

මේ අතර වෙන්නප්පුව ප්‍රදේශයේදී අද පස්වරුවේ සර්ව ආගමික නායකයින්ගේ සහභාගිත්වයෙන් සමුළුවක් පැවැත්වුණා.

මේ අතර කථානායක කරූ ජයසූරිය මහතා අද පස්වරුවේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් විරසිංහගේ සුව දුක් විමසීම සඳහා බොදු බල සේනා සංවිධානයේ නියෝජිතයින් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට පැමිණියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නාමල් කුමාර පිළිබඳ නිතීමය කටයුතු සොයා බැලීම සඳහා විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න එම දෙපාර්තමේන්තුවට පැමිණි අතර අනතුරුව අදහස් පළ කළා.

පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අද විවිධ පාර්ශව අදහස් පළ කළා.