හැඳුනුම්පත් ඉල්ලූම ඉහළට

Friday, 17 May 2019 - 7:22

%E0%B7%84%E0%B7%90%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
රට තුළ පවතින ආරක්ෂක තත්ත්වයත් සමඟ ජාතික හැඳුනුම්පත සඳහා පවතින ඉල්ලූම ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කළේ පවතින තත්ත්වය මත එක්දින සේවාව යටතේ අලූතින් හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා මේ වනවිට දිනකට අයදුම්පත්‍ර 2000 ත්, 2500 ත් අතර ප්‍රමාණයක් තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන බවයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට පෙර එලෙස ලැබුණේ අයදුම්පත්‍ර 1000 ත්, 1500 ත් අතර ප්‍රමාණයක් බව ඔහු කියා සිටියා.

මෙලෙස එක්දින සේවාව යටතේ අයදුම්පත්‍ර යොමු කරන්නේ මෙතෙක් කාලයක් ජාතික හැඳුනුම්පත වෙනුවට විදේශ ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය භාවිත කළ පුද්ගලයින්.

එහෙත්, ආරක්ෂක අංශ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන නිසා පුද්ගලයින් කඩිනමින් ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීමට පෙළඹී ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කළේ.

කෙසේ වෙතත්, එක්දින සේවාව යටතේ කඩිනමින් හැඳුනුම්පත් සකස් කිරීමට දෙපාර්තමේන්තුව තුළ විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.