සහරාන්ගේ තවත් සමීපතමයන් දෙදෙනෙකු, හොරොව්පතානේදී අල්ලයි

Friday, 17 May 2019 - 10:57

%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%93%E0%B6%B4%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%2C+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ මොහොමඞ් සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් දෙදෙනෙකු හොරොව්පතාන - වීරචෝල ගම්මානයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධනට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම සැකකරුවන් දෙදෙනා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ මුස්ලිම් පාසල් දෙකක විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරන බවයි.

ත්‍රස්ත නායක සහරාන් හෂීම් සමඟ මොවුන් දෙදෙනා නිතර කොළඹට පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

එමෙන්ම, ත්‍රස්ත ප්‍රහාර සැලසුම් සම්බන්ධයෙන් ද මෙම සැකකරුවන් දෙදෙනා දැනුවත්ව සිටි බවට අනාවරණ වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

සහරාන්ට අමතරව සිනමා ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් සමඟ ද මෙම සැකකරුවන් දෙදෙනා සමීප සබදතා පවත්වා තිබෙනවා.

එමෙන්ම, ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ වියදමින් මෙම සැකකරුවන් විසින් ප්‍රදේශයේ පල්ලි ද ගොඩනගා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද පස්වරුවේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72ක කාලයක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බවයි හොරොව්පතාන පොලීසිය ප්‍රකාශ කළේ.



අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා රිමාන්ඩ්
Tuesday, 04 August 2020 - 13:57

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 2524ක් දක්වා ඉහළට
Tuesday, 04 August 2020 - 13:45

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 07දෙනෙකු පූර්ණ සුවය... Read More

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම අවස්ථාවක් - මහින්ද දේශප්‍රිය (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 13:30

නිදහස් හා සාධාරණ ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හෙට දිනයේ ඡන්ද... Read More