ජනපති හික්කඩුව සීනිගම දෙවොල් මහා දේවාලයට

Friday, 17 May 2019 - 12:50

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
හික්කඩුව - සීනිගම දෙවොල් මහා දේවාලයේ අභිනවයෙන් ඉදිකළ ධාතු මන්දිරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරුණා.

දේවාලයේ භාරකාර මණ්ඩලය විසින් දෙවොල් මහා දේවාලයට පැමිණි ජනාධිපතිවරයා පිළිගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව එහි ධාතූන් වහන්සේ තැන්පත් කිරීම සිදුකෙරුණු අතර, පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විශේෂ දේව පූජාවකට ද සහභාගි වී තිබෙනවා.