සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව ජුලි 18 ලබාදීමට දින නියම කරයි

Friday, 17 May 2019 - 13:54

%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B7%94%E0%B6%BD%E0%B7%92+18+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට - සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව ජුලි මස 18 වැනිදා ලබාදීමට හම්බන්තොට මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා අද දින නියම කළා.

මාගම්පුර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමකට 2014 වසරේ සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට එරෙහි චෝදනාවේ තීන්දුව අද ලබාදීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා නිවාඩු ලබා සිටීම හේතුවෙන් අදාළ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් නොකළ අතර, හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් අධිකරණ ශාලාවට කැදවීමෙන් අනතුරුව ජුලි මස 18 වනදා නඩුවේ තීන්දුව ලබාදීමට රෙජිස්ටාර්වරයා, දින නියම කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.