ඉන්දීය මහකොමසාරිස් මහනාහිමිවරුන් හමුවෙයි

Friday, 17 May 2019 - 14:49

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පවතින තත්ත්වයෙන් නැගී සිටීම සදහා ශ්‍රී ලංකාවට, හැකි උපරිම සහය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්දු පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දකිමින්.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවත්, එය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියෙකුගේ යුතුකමක් වන බවත් මහකොමසාරිස්වරයා මෙහිදී මහානාහිමිවරුන් හමුවේ ප්‍රකාශ කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

ප්‍රථමයෙන්ම මහකොමසාරිස්වරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ඇති අතර, පසුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබෙනවා.

එසේම, මෙහිදී ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා, දළදා සමිදුන් ද වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගනු ලැබුවා.

මේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්දු.

‘‘වෙසක් දින සැමරුම නිමිත්තෙන් මම පැමිණියා දළදා මාලිගය වැද පුදාගෙන මහානාහිමිවරුන්ගේ ආශිර්වාදය ලබා ගන්න. ඒවගේම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් මෙන්ම, දෙරටේ සබදතා ශක්තිමත් කර ගන්න. 21 වනදා අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක වැසියන් බොහෝ පිරිසක් ජිවිතක්ෂයට පත්වුණා, ඉන්දීය ජාතිකයින් 11 දෙනෙකු ද ඇතුළුව. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ අපේ සහෝදර සහෝදරියන් සමග ඉන්දියාව ශක්තිමත්ව නැගී සිටිනවා. ශ්‍රී ලංකාවට එල්ල වන  ඕනෑම තර්ජනයක් ඉන්දියාවට එල්ල වන තර්ජනයක් ලෙසයි අපි දකින්නේ. මේ ජිහාඞ් මතවාදයන්ට සහ ත්‍රස්තවාදයට එරෙහිව අපි ශ්‍රී ලංකාවත් එක්ක උරෙන්උර බැදී එක්ව සටන් කරනවා. ’’