රණවිරුවන් සමරමින්, හෙට රාත්‍රී 7ට පහනක් දල්වන්නැයි ඉල්ලීමක්

Saturday, 18 May 2019 - 12:56

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+7%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යුද්ධයේදී දිවි පිදූ, ආබාධිත තත්ත්වයට පත්වූ සහ ඒ වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් සිහිපත් කෙරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදියි.

ත්‍රිවිධ හමුදාවේ මිය ගිය සහ ආබාධිත රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිතයි.

මේ අතර, ජීවිත කැප කළ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් හෙට පස්වරුවේ සාමයේ පහනක් දල්වා ඔවුන් ස්මරණය කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියළු මහජනතව වෙතින් ඉල්ලීමක් කරනවා.

 මේ අනුව ආගමික ස්ථාන, රජයේ හා පෞද්ගලික ආයතන, සියළු නිවෙස් මෙන්ම ත්‍රිවිධ හමුදා කදවුරු හා පොලිස් ස්ථාන තුළ හෙට රාත්‍රී 7ට මෙලෙස පහනක් දල්වන ලෙසටයි ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ.

මේ අතර, හෙටට යෙදෙන ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනෙකුට උසස් වීම් ලබාදී තිබෙනවා. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම උසස්වීම් ලබාදී ඇති බවයි.

ඊට අදාළ ලිපියට ජනාධිපතිවරයා ඊයේ අත්සන් තැබූ බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More