ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් හිටපු අගමැති ස්කොට් මොරිසන්ට වාර්තාගත ජයක්

Sunday, 19 May 2019 - 8:16

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර 6 කින් කම්කරු පක්ෂ රජයක් බිහිවන බවට මත සමීක්ෂණවලින් අනාවැකි පළවී තිබියදී ඊයේ පැවති  ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් විශ්මිත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අගමැති ස්කොට් මොරිසන්ගේ ලිබරල් පක්ෂ සන්ධානය සමත්වී සිටිනවා.

අවසන් ප්‍රතිඵලය මෙතෙක් නිකුත් වී නොමැති වුවද මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 75 ක් පමණ ගණන් කර අවසන් වූ අවස්ථාවේ ලිබරල් සන්ධානයට ආසන 74 ක් හිමිව තිබූ අතර, කම්කරු පක්ෂයට හිමිවූයේ ආසන 66 ක් පමණයි.

අනෙකුත් පක්ෂ ආසන 6 ක් ජයග්‍රහණය කර තිබෙනවා. බහුතර බලය ලබාගැනීමට නම් අවශ්‍ය වන්නේ ආසන 76 ක් පමණයි.

ඕස්ට්‍රේලියාවේ 30 වන අග්‍රාමාත්‍යවරයා වන ලිබරල් පක්ෂ නායක ස්කොට් මොරිසන් පසුගිය වසරේ අගෝස්තු 24 වනදා අගමැති ධුරයට පත්වූයේ මැල්කම් ටර්න්බුල් නායකත්වයෙන් ඉවත් කරමින්.

ඔහු නීතිවිරෝධී සංක්‍රමණිකයන්ට එරෙහි දැඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබුවා.

පරාජයත් සමඟ කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට බිල් ෂෝට්න් තීරණය කළ අතර, එම තනතුර සඳහා ඉදිරිපත් වන බව කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායිකා තාන්‍යා ප්ලිබර්ස්ක් ප්‍රකාශ කළා.