ග්ලයිෆොසෙට් තහනම දැඩි කරන ලෙස යළි ඉල්ලීමක්

Sunday, 19 May 2019 - 12:28

%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B7%86%E0%B7%9C%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිත කිරීම නිසා පිළිකා රෝගයට ගොදුරු වූ යුවළකට ඩොලර් බිලියන 2 ක වාර්තාගත වන්දියක් ගෙවන ලෙස ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියෝග කිරීමත් සමඟ, එම වල්නාශකයේ අනතුරුදායක භාවය පිළිබඳව ලොව පුරා යළි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

පසුගිය වසරේ අගෝස්තු මාසයෙන් පසු එලෙස ග්ලයිෆොසේට් භාවිතයට එරෙහිව ලබාදුන් තුන්වන නඩු තීන්දුව එයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පිළිබඳ පර්යේෂණ ආයතනය ග්ලයිෆොසෙට් පිළිකා කාරකයක් බවට 2015 වසරේදී තහවුරු කළ අතර, ලොව පුරා එහි භාවිතය අවම කිරීමේ පියවර රැසක් ක්‍රියාත්මක කළා.

ශ්‍රී ලංකාවේද ග්ලයිෆොසෙට් ආනයනය තහනම් කෙරුණේ එමඟින් වකුගඩු රෝග අවදානම ඉහළ නැංවීමේ හැකියාව හේතුවෙන්.

කෙසේ නමුත් පසුගිය වසරේ ජූනි මාසයේ සිට තේ සහ රබර් වගාව සඳහා ගල්යිෆොසෙට් වල් නාශකය භාවිත කිරීමට රජය මගින් අවසර ලබාදුන්නා.

මෙවැනි වාතාවරණයක් මැද ශ්‍රී ලංකාව තවදුරටත් ග්ලයිෆොසෙට් වල්නාශකය භාවිත කිරීම සාධාරණීකරණය කළ හැකිද?

ඒ පිළිබඳව අප විමසා සිටියේ ග්ලයිෆොසෙට් පලිබෝධනාශකය පිළිබඳව වසර කිහිපයක සිට පර්යේෂණ සිදුකරන මහාචාර්ය චන්න ජයසුමනගෙන්.

එහිදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ ග්ලයිෆොසේට් පලිබෝධනාශකය තහනම් කරන ලෙසට බලධාරීන්ට නැවත බලකර සිටින බවයි.