ඔස්ටි‍්‍රයාවේ හදිසි මැතිවරණයක්

Sunday, 19 May 2019 - 14:03

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඔස්ටි‍්‍රයානු චාන්සලර් සෙබස්තියන් කූර්ස් හදිසි මැතිවරණයක් කැඳවා තිබෙනවා.

එරට උප චාන්සලර් හෙයින්ස් ක්‍රිස්ටියන් දුෂණ චෝදනා මත ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවා ඇත්තේ.

ඔස්ටි‍්‍රයානු චාන්සලර් සෙබස්තියන් කූර්ස්ගේ ජනතා පක්ෂය සහ උප චාන්සලර් හෙයින්ස්ගේ නිදහස් පක්ෂය එරට පාලන බලය හෙබවූ අතර, උප චාන්සලර්වරයාගේ රහසිගත වීඩියෝවක් ප්‍රසිද්ධ වීමෙන් පසු ඔහු ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කරනු ලැබුවා.

ඔස්ටි‍්‍රයානු ජනපති ඇලෙක්සැන්ඩර් වෑන් ද ප්‍රකාශ කර ඇත්තේ උප චාන්සලර් හෙයින්ස් ක්‍රිස්ටියන්ගේ ඉවත්වීමෙන් පසු හදිසි මැතිවරණයකට යාම අත්‍යාවශ්‍ය බවයි.

හෙට දිනයේ ඔස්ටි‍්‍රයානු චාන්සලර්වරයා සමඟ මීට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද ඔස්ටි‍්‍රයානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.