සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ වෙබ් අඩවි යථා තත්ත්වයට

Sunday, 19 May 2019 - 19:19

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
මෙරට කුවේට් තානාපති කාර්යාලය මෙන්ම ඩොට් එල් කේ සහ ඩොට් කොම් යන වෙබ් අඩවි 11කට එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් අඩපණ වූ එම වෙබ් අඩවි මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

මෙම වෙබ් අඩවිවල පිවිසුම් පිටුව විකෘති කිරීමක් සිදුකරමින් මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළේ.

මෙලෙස අනවසර පිවිසුමට ගොදුරුවී ඇති ආයතන අතර, පෞද්ගලික ආයතන, රජරට විශ්වවිද්‍යාලය සහ තේ පර්යේෂණායතනයද ඇතුළත්.

කෙසේ වෙතත්, මෙය කවුරුන් විසින් එල්ල කළේ ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

මෙවැනිම සයිබර් ප්‍රහාරයක් පසුගිය වසරේ මැයි මස 18 වන දින ද එල්ල වී ඇති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල කියා සිටියේ.