පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසා ගනී

Monday, 20 May 2019 - 10:29

%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මනම්පිටිය ආච්චිබෝක්කුව ප්‍රදේශයේදි අද(20) උදෑසන 7.30ට පමණ පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කලක් සෙවනපිටිය අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවෙකු ලෙස කටයුතු කල සෙවනපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු තම රැකියාව අහිමිවිම හේතුවෙන් දැඩි කනස්සල්ලෙන් කාලය ගත කල අයෙක් බවයි මනම්පිටිය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු අප සමඟ පවසා සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.