කන්තලේ නිවසක වැසිකිලි වළකින් පුද්ගල මළ සිරුරක් සොයා ගැනේ

Monday, 20 May 2019 - 17:35

%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
කන්තලේ - 92 ප්‍රදේශයේ නිවසක වැසිකිලි වළක තිබී ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ දඹුල්ල - ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස ඝාතනය කර ඇති බවයි.

ඔහු පසුගිය 16 වන දා මෙම නිවසට පැමිණ ඇති අතර, පසුව ඔහු පිළිබදව තොරතුරක් නොමැතිවීම හේතුවෙන් ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ එම නිවසේ සිටි පුද්ගලයෙකු විසින් ඔහුව ඝාතනය කොට වැසිකිලිවලට දමා ඇති බවයි.

ඝාතනය සිදුකළ පුද්ගලයා මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ අනියම් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ හිමිකරු සහ එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.