කුරුණෑගල පොල් ඉඩමක, බෝම්බකරුවන්ගේ තවත් පුහුණු කදවුරක්

Monday, 20 May 2019 - 19:26

%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%2C+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයට අදාළව ත්‍රස්තයින් පුහුණුව ලැබූ බවට සැක කෙරෙන තවත් කදවුරක් කුරුණෑගල - අලකොළදෙනිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ එහි පොල් ඉඩමක මෙලෙස ඔවුන් පුහුණු කදවුර පවත්වාගෙන ගොස් ඇති බවයි.

සිද්ධියට අදාළව සැකකරුවන් 5 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි පාර්ලිමේන්තුවේ හැන්සාඞ් නිලධාරියා ද අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු හැන්සාඩ් නිලධාරියා දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබෙනවා.

මීට අමතරව ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වරින් වර විශාල වශයෙන් මුදල් ලැබී ඇති අතර, ඒවා සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

මේ අතර, පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයින් 89 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලයින් 69 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, තවත් 20 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී කියා සිටියේ.