ඇළක ගිලුණු මෝටර් රථයක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

Monday, 20 May 2019 - 20:14

%E0%B6%87%E0%B7%85%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ ඇළ මාර්ගයකට පෙරළී ගිය මෝටර් රථයක තිබී 29 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම තරුණයා දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, මීට දින කිහිපයකට පමණ ඉහත දී තවත් පිරිසක් සමඟ සාදයක් සඳහා මෙම හෝටලයට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහෙත් ඔහු යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මව ඇතුළු ඥාතීන් පොලීසියට පැමිණිලි කර ඇති අතර ඉන් අනතුරුවයි පොලීසිය ඒ පිළිබදව විමර්ශනය කර තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.