මධුමාධව අදත් නැහැ - මිනුවන්ගොඩ ගිය ව්‍යාපාරිකයන් දෙදෙනෙකුත් සොයයි

Tuesday, 21 May 2019 - 12:51

%E0%B6%B8%E0%B6%B0%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%80+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්දට  4 වන දිනටත් මිනුවන්ගොඩ පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ නමුත් අදත් ඔහු පැමිණ නැහැ.

පසුගිය බ්‍රහස්පතින්දා මධුමාධව අරවින්ද පොලීසියට පැමිණි අතර එහිදී තමන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය කටයුතු නොකළ බවයි ඔහු සදහන් කළේ.

අනතුරුව පසුගිය ඉරිදා සහ ඊයේ දිනයේදී පැමිණෙන ලෙස පොලීසිය දැනුම් දී තිබූ නමුත් එම අවස්ථා දෙකේදී ද ඔහු නොපැමිණි අතර, ඉන් අනතුරුවයි අද පෙරවරු 10ට පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ පසුගිය 13 වන දා රාත්‍රියේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද එම ප්‍රදේශයේ රැදී සිට ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

ඒ, ඔහුගේ ජංගම දුරකථන වාර්තා සහ ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී ද මේ බව අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම, ඔහු සමඟ එදින ප්‍රදේශයට පැමිණි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ද මේ වන විට අතුරුදන්ව සිටින බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු කියා සිටියේ.

එම ව්‍යාපාරිකයින් කඩවත සහ රාගම පොලිස් බල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

එමෙන්ම, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ලයෙකුට මධුමාධව අරවින්ද දුරකථන ඇමතුම් ලබාදී ඇති බවට ද ඔහුගේ ජංගම දුරකථන වාර්තා පිරික්සීමේදී පොලීසියට කරුණු අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.