පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අය සමරා, විශේෂ දේව මෙහෙයන්

Tuesday, 21 May 2019 - 13:28

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී මසක් සපිරෙන අද දිනයේ එම ප්‍රහාර එල්ල වූ දේවස්ථානවල විශේෂ දේව මෙහෙයන් සංවිධාන කර තිබුණා.

මීගමුව - කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී ප්‍රහාරය සිදුවූ වේලාවට සීනු හඩවා, ඉටි පන්දම් දල්වා මිය ගිය පුද්ගලයින් සහ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් සිහි කර යාඥාවක් සිදුකළ බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රසාද් මුතුුකුඩ කියා සිටියේ.

එමෙන්ම, පිපිරීම සිදුවූ කොළඹ - කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ද පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් දේව මෙහෙයක් පැවැත්වුණා.

ඉටි පන්දම් දල්වා සීනු නාද කරමින් දේව යාඥාව සිදුකළා.  

එමෙන්ම පාස්කු ඉරු දින ප්‍රහාරයට ලක්වූ මඩකලපුව - සියොන් දේවස්ථානයේ ද අද පස්වරුවේ විශේෂ දේව මෙහෙයක් සංවිධානය කර තිබෙනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින් සිහි කරමින් විශේෂ දේව මෙහෙයක් ලබන ඉරිදා දිනයේ බොරැල්ල සියළු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවයි අගරදගුරු පදවියේ ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් සඳහන් කළේ.