මසකට පසු පාසල් සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය අතට

Tuesday, 21 May 2019 - 13:32

%E0%B6%B8%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වී මසක ගතවීමෙන් පසු පාසල්වල අධ්‍යයනය කටයුතු මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා.

සිසුන්ගේ පැමිණීම ද සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇති බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කළේ.

මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

මුලින්ම කොළඹ තර්ස්ටන්, රාජකීය, විශාඛා, ආනන්ද සහ නාලන්ද විද්‍යාල වෙත ගිය විපක්ෂ නායකවරයා එම පාසල්වල තත්ත්වය නිරීක්ෂණයට ලක් කළා.

අනතුරුව විපක්ෂ නායකවරයා පැමිණියේ බම්බලපිටිය හින්දු විද්‍යාලයටයි.

අනෙකුත් පළාත්වල ද අද දිනයේ පාසල් වෙත ළමයින්ගේ පැමිණීම ප්‍රශස්ථ මට්ටමක පැවති අතර ඉගැන්වීම් කටයුතු ද සාමාන්‍ය පරිදි සිදුවන බවයි හිරු වාර්තාකරුවන් කියා සිටියේ.

අනුරාධපුරය ඇතුළු උතුරුමැද පළාතේ පාසල්වල ද ළමයින්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයක පැවති බවයි වාර්තා වන්නේ.

මධ්‍යම පළාතේ සියළුම පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට 80 මට්ටමක පැවති බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක කියා සිටියා.

මේ අතර මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගෙන් විනිවිද පෙනෙන පාසල් බෑග් රැගෙන ආ ළමයින් පමණක් පාසලට පළමුව ඇතුළත් කරගෙන තිබුණා.

අනතුරුව සෙසු ළමයින්ගේ පාසල් බෑග් පාසල ඉදිරිපිට දමා පොත් පමණක් රැගෙන පාසල තුළට ගොස් තිබූ බවයි වාර්තාවන්නේ.

එම අවස්ථාවේදී සංවේදී වූ ඇතැම් කුඩා ළමයින් හැඬු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, ප්‍රහාරයෙන් පසු වසා දැමුණු රුහුණ, පේරාදෙනිය, රජරට, වයඹ, සෞන්දර්යය විශ්වවිද්‍යාල ද අධ්‍යයන කටයුතු සඳහා අද විවෘත කෙරුණු අතර ළමයින්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයක පැවති බවයි ඒවායේ උපකුලපතිවරුන් සදහන් කළේ.