ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට ඇප

Tuesday, 21 May 2019 - 14:56

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (21) ඇපමත මුදා හැරුණා.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ, රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙසටයි.

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් උසස් පොලිස් නිලධාරියෙකු වන සැකකරුට ඇප ලබාදීමක් සිදුකළහොත් විමර්ශනවලට බාධා විය හැකි බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ප්‍රකාශ කළේ සැකකරුට එරෙහිව මේ වනවිට එල්ල වී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතට ගැනෙන චෝදනා නොවන බැවින් සැකකරු ඇපමත මුදාහරින බවයි.

මෙහිදී සැකකරුට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හෝ පැමිණිලිකාර නාමල් කුමාරට කිසිදු ආකාරයකින් බලපෑම් නොකරන ලෙසටද ඇප කොන්දේසියක් පනවනු ලැබුවා.  

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය ඔක්තෝම්බර් 25 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, ඔහු අද (21) ඇප මත මුදාහැරුණේ මාස 07 ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුවයි.