ජ.වි.පෙ. විශ්වාසභංගය, රිෂාඩ් ගළවාගැනීමේ උත්සාහයක් - විමල්ගෙන් චෝදනා

Tuesday, 21 May 2019 - 19:28

%E0%B6%A2.%E0%B7%80%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%2C+%E0%B6%BB%E0%B7%92%E0%B7%82%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%85%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
බදියුදීන් අමාත්‍යවරයා බේරාගැනීමේ යටි අරමුණින් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කොළඹ අගරදගුරු නිල නිවසට අද (21) පෙරවරුවේ පැමිණ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියා.

එම හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් රචිත "ත්‍රස්ත ප්‍රහාරයේ නොපෙනන ඇත්ත" කෘතියේ මුල් පිටපතක් ද අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වා තිබෙනවා.