පේරාදෙනිය - ඊරියගම දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 10 දෙනෙකුට තුවාල

Wednesday, 22 May 2019 - 10:50

%E0%B6%B4%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය - ඊරියගම ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළී සිදුවූ අනතුරකින් මගීන් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර, බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

අනතුර හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පිළිමතලාවේ සිට පේරාදෙණිය දක්වා රථවාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.