ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් අගරදගුරුතුමන් හමුවෙයි

Wednesday, 22 May 2019 - 13:16

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%BB%E0%B6%AF%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගන් තොණ්ඩමන් ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ පස්වරුවේ අගරදගුරු නිල නිවසේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී ඔවුන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වතුකරයේ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කර ඇති බව සදහන්.

එමෙන්ම, රටේ සාමය ඇති කිරීමට අගරදගුරු හිමිපාණන් ගෙන යන වැඩපිළිවෙලට තම පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බවයි ආරුමුගන් තොණ්ඩමන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.