ඇප හිමිවූ තඹ කම්හලේ සේවකයන්ට නොතීසි

Wednesday, 22 May 2019 - 14:22

%E0%B6%87%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%B9+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%93%E0%B7%83%E0%B7%92
අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරුණු වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 8 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද නොතීසි නිකුත් කෙරුණා.

වැල්ලම්පිටිය පොලීසිය මෝසමක් මගින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.

මෙම තඹ කර්මාන්තශාලාව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් ඊබ්‍රාහිම්ට අයත්වන අතර, ප්‍රහාරයෙන් පසු එහි සේවය කළ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබුණා.

කෙසේ වෙතත් එහිදී ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිව එක් සේවකයෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පියවර ගැනුනේ.

එසේම මෙම සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගැණුනු තඹ කම්හලේ තවත් සේවකයෙකු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

මේ අතර වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරණ වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාශය වෙත මාරුකර යවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම සිදු කර ඇති බවයි.

වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවයේ නියුතුව සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට අධිකරණයෙන් ඇප ලබාදීමේ පොලිසිය පාර්ශවයෙන් වරදක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව මෙම ස්ථාන මාරුව සිදුකර තිබෙනවා.

එමෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තිස් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර අද නියෝග කළා.

තවත් 3 දෙනෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ කලහකාරී සිදුවීම වූ දිනයේ පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිසක් ගමන්ගත් බවට සැක කෙරෙන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේල කිරිල්ලවල - වෑබඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ ජීප් රථය ඊයේ පස්වරුවේ සොයාගත් බවයි.

ජීප් රථය අදාල නිවසේ හිමිකරුගේ බවටත්, නිවසේ හිමිකරු මේවන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවටත් අනාවරණ වී තිබෙනවා.

මේ අතර මිනුවන්ගොඩ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මධුමාධව අරවින්ද මහතාට මිනුවන්ගොඩ පොලිසියට පැමිණෙන ලෙස ඊයේ සිව්වැනි දිනටත් දැනුම්දී තිබුණද ඔහු පොලිසියට පැමිණ තිබුණේ නැහැ.

මේ අතර ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පිවිතුරු හෙල උරුමයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා පැවසුවේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධිය අතරතුර මධුමාධව අරවින්ද මහතා සිට ඇත්තේ සිය හිතවතෙකු සමඟ බවයි.

මේ අතර පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම්වලින් පවුල් 344ක් විපතට පත්ව ඇති බව ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම් දීමේ නිවේදනයේ දැක්වෙනවා. 

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, අදාල සිදුවීම්වලින් පවුල් 156ක එක් මරණයක් හෝ සිදුව ඇති අතර පවුල් 188ක අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ තුවාල ලබා ඇති බවයි.



මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:46

මහ මැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත්... Read More

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More