ඇමති බදියුදීන්ගේ විශ්වාසභංගයට ආණ්ඩුවෙන් දිනයක් නැහැ - විපක්ෂයේ විරෝධය මැද හෙට දිනයක් ලබාදෙන බව කථානායක කියයි

Wednesday, 22 May 2019 - 15:43

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම නොකිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව දිගින් දිගටම කරුණු දැක්වූ අතර, සභානායකවරයා ප්‍රකාශ කළේ තේරීම් කාරක සභාව පත් කිරීමකින් තොරව ඒ සඳහා ආණ්ඩුව දිනයක් ලබා නොදෙන බවයි. ඇතිවූ විවාදාත්මක තත්ත්වය හමුවේ හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමෙන් පසු ඊට අදාළව දිනයක් ප්‍රකාශ කරන බව කථානායකවරයා සඳහන් කළා.

මෙම පක්ෂ නායක රැස්වීම හෙට පස්වරු 3 ට පැවැත්වෙන බවයි කථානායක කාර්යාලය ප්‍රකාශ කළේ.

එහෙත් කථානායකවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුවද විපක්ෂ මන්ත්‍රීවරුන් සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධයේ නිරතවූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.30 දක්වා කල් තැබීමට පියවර ගැනුනා.

මේ අතර විවාදාත්මක තත්ත්වය අතරතුර තේරීම් කාරක සභාවට අදාළ යෝජනාව සංශෝධන සහිතව සම්මත වීමද විශේෂත්වයක්.