බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේ දින නියම කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පෙරවරුවේ

Thursday, 23 May 2019 - 7:14

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමේ දිනය තීරණය කිරීම වෙනුවෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද  පැවැත්වෙනවා.

කථානායක කාර්යාලය සඳහන් කළේ උදෑසන 9.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම  පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බවයි.

මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ දිනයක් ඉල්ලා සිටි අතර, එහිදි විවාදාත්මක තත්ත්වයක් ඇතිවුණා.

පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාගැබ මැදට පැමිණ විරෝධය දැක්වීමත් සමඟ අද පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමටයි පියවර ගැනුනේ.