වීරගුල නිවසක සිටි යුවළකට තියුණු ආයුධයකින් පහරදෙයි

Thursday, 23 May 2019 - 10:52

%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B7%94%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වීරගුල පොලිස් වසමේ නිවසක් තුළ සිටි යුවළකට තියුණු ආයුධයකින් පහරදීමෙන් පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා.

ඊයේ (22)මෙම යුවළ නිවස තුළ සිටින අවස්ථාවේ ඊට ඇතුළු වූ  පුද්ගලයෙකු මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ. පහරදීමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සැකකරු හඳුනාගෙන ඇති අතර, ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.