කොටහේනේ නිවසකින් වෛද්‍යවරයෙකුගේ සිරුරක් හමුවේ

Thursday, 23 May 2019 - 12:34

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
කොටහේන - බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ නිවසකින් විශ්‍රාමික වෛද්‍යවරයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

අද උදෑසන 7 ට පමණ කොටහේන පොලීසියට ලද තොරතුරකට අනුවයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.

67 හැවිරිදි මෙම විශ්‍රාමික වෛද්‍යවරයා අදාළ නිවසේ තනිවම ජීවත්ව සිට  ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කොටහේන ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් මේ වනවිට ක්‍රියාත්මකයි.