විශ්වාසභංග විවාදය ජූනි 18, 19

Thursday, 23 May 2019 - 18:54

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%A2%E0%B7%96%E0%B6%B1%E0%B7%92+18%2C+19
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජුනි 18 සහ 19 යන දිනවල විවාදයට ගන්නා බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ දිනය තීරණය කිරීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වූ බවයි.

මේ අතර, පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන්ගේ නම් කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

කෙසේ වෙතත්, එම කාරක සභාව නියෝජනය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කළා



හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More