ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූවන්, සිහිකර ඉරිදා විශේෂ දිව්‍ය පූජාවක්

Friday, 24 May 2019 - 8:02

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන් වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් එළැඹෙන ඉරිදා දිනයේ පවත්වන බව අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ එඩ්මන්ඩ් තිලකරත්න පියතුමන් පවසනවා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියළු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී උදෑසන 07.30 ට එම දිව්‍ය පූජාව පවත්වන බවයි එඩ්මන්ඩ්  තිලකරත්න පියතුමන් වැඩිදුරටත් කියා සිටියේ.