ගොඩකවෙල සිදුවූ රිය අනතුරකින් 18කට තුවාල

Friday, 24 May 2019 - 10:19

%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+18%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල - ගලහිටිය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මංගල උත්සවයකට සහභාගි වී රත්නපුර සිට ඇඹිලිපිටිය බලා යළි ගමන් කරමින් සිටි පෞද්ගලික බස් රථයක් මාර්ගය ආසන්නයේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

මෙම අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනෙකු ගොඩකවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔවුන් ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් තිබෙනවා.

තුවාල ලැබූ තවත් 5 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු ද ප්‍රතිකාර ලබා පිටව ගිය බවයි පොලීසිය පැවසුවේ.