එස් බී සහ බදියුදීන් අතර සිදු වූ දුරකථන සංවාදයක හඬ පටයක් පළමු වරට හිරු TV බලයේදී එලියට

Friday, 24 May 2019 - 10:32

%E0%B6%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B6%E0%B7%93+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%AC+%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+TV+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
හිරු TV බලය දේශපාලන වැඩසටහනට ඊයේ සහභාගී වුනේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, හේෂා විතානගේ, රොෂාන් රණසිංහ සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර.

එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පිළිබඳව කතාබහට ලක් වූ අතර නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර චෝදනා කලේ වර්තමාන විපක්ෂය මීට පෙර ආණ්ඩුවක් පිහිටුවීම සදහා බදියුදීන්ගෙන් උදව් ඉල්ලා සිටි බවයි.

එම පිළිබඳව ඔප්පු කිරීම සදහා තමන්ට සාධක ඇති බවද පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා හිටපු ඇමති එස් . බී සහ ඇමති බදියුදීන් අතර සිදු වූ මෙතෙක් හෙළි නොවුණු, දුරකථන සංවාදයක හඬ පටයක් පළමු වරට හිරු TV බලයේදී හෙළිදරව් කළා.