කාවින්ද විශේෂ කාරක සභාවෙන් ඉල්ලා අස්වෙයි

Friday, 24 May 2019 - 11:29

%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාරය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදින්ට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු වෙනුවට අමාත්‍ය රාජිත සේනාරත්න එම කාරක සභාවට පත් කර තිබෙනවා.

මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ද මෙම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවට පත් කර ඇති බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමාජිකයින්ගේ නම් කතානායක කරූ ජයසුරිය මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම කාරක සභාව සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විතයි.

ඒ සඳහා ආණ්ඩු පක්ෂ පාර්ශ්වයෙන් අමාත්‍ය රවුෆ් හකිම්, අමාත්‍ය රවි කරුණානායක සහ එක්සත් ජාතික පක්ෂයේ පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආශු මාරසිංහ, අචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් යන මහත්වරුන් යෝජනා කර තිබෙනවා.

කෙසේවෙතත්, එම කාරක සභාව නියෝජනය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ ප්‍රතික්ෂේප කළා.