මීගමුවේ ගොඩනැගිල්ලක ගින්නක්

Friday, 24 May 2019 - 11:39

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි මහල් 05 කින් සමන්විත ගොඩනැඟිල්ලකට කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබා තිබෙනවා.

ඊයේ (23) පස්වරුවේ සිදුවූ මේ ගින්නෙන් එම ගොඩනැඟිල්ලේ මහල් දෙකකට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මිගමුව මහනගර සභාවේ ගිනි නිවීම් ඒකකය විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.