නිදහස ලැබූ ඥාණසාර හිමි ජනපති හමුවෙයි

Friday, 24 May 2019 - 11:41

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%A5%E0%B7%8F%E0%B6%AB%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිදහස් වූ ඥානසාර හිමියන්, ජනපති හමුවේ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයාගේ කොළඹ - මහගමසේකර මාවතේ පිහිටි නිළ නිවසේදී මෙම හමුව සිදුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මව විසින් ජනාධිපතිවරයා හමුවීමට කළ ඉල්ලීමකට අනුව මෙලෙස මෙම හමුව සිදුවී ඇති බවයි එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියා සිටියේ.

එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෑණියන් උන්වහන්සේ නිදහස් කිරීමට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කර තිබෙනවා.

බන්ධනාගාරගතව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ පස්වරුවේ ජනාධිපති සමාව ලැබීමෙන් පසු පළමුවෙන්ම උන්වහන්සේ වැඩම කළේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීම සඳහායි.

පසුව උන්වහන්සේ රුක්මල්ගම - ධර්මවිජයාලෝක විහාරස්ථානයට වැඩම කළ අතර ඉන් අනතුරුව රාජගිරියේ පිහිටි සද්ධර්ම රාජිකාරාම විහාරස්ථානයට වැඩම කළා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලැබීම නිමිත්තෙන් අද දිනයේත් ප්‍රදේශ කිහිපයක සැමරුම් උත්සව පැවැත්වුණා.

අලුත්ගම - දර්ගා නගරයේ අඹගහ මංසන්ධියේ රතිඤ්ඤා දල්වමින් කිරිබත් දන්සලක් පැවැත්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම අලුත්ගම - කළුවාමෝදර පාලම අසළ ද කිරිබත් දන්සලක් පැවැත්වුණා.

ඊයේ දිනයේ දී උන්වහන්සේගේ උපන් ගම වන ගාල්ල - කරන්දෙනිය ප්‍රදේශයේ ඥානසාර හිමියන්ට සෙත් පතමින් ආගමික වතාවත් සිදුකෙරුණා.

එමෙන්ම, එහිදී පරෙවියන් ගුවනට මුදාහැරුණු බවයි වාර්තා වන්නේ.









රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 6:01

මහ මැතිවරණ‍යේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල... Read More

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය, නාමල් පළමු තැනට
Friday, 07 August 2020 - 4:51

හම්බන්තොට දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය
Friday, 07 August 2020 - 4:33

යාපනය දිස්ත්‍රික්කය - මනාප ඡන්ද ප්‍රතිඵලය මේවන විට නිකුත්ව... Read More