පාස්කු ප්‍රහාරයේ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට 5ක් අත්අඩංගුවට

Friday, 24 May 2019 - 13:56

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අංගුවට ගෙන තිබෙනවා.

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු වන අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් යන පුද්ගලයා සමඟ සමීප සබඳතා පවත්වමින් ත්‍රස්ත කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ක්‍රියාවලට දායකත්වය මොවුන් විසින් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් කැබිතිගොල්ලෑව සහ හොරොව්පතාන ප්‍රදේශවල පදිංචිකරුවන්.