වෙඩි තැබීමකින් මියගිය අකුරැස්ස පොලිසියේ කොස්තාපල්වරයාට උසස්වීමක් (ඡායාරූප)

Friday, 24 May 2019 - 14:23

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නීති විරෝධී මත්පැන් වැටලීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් මියගිය අකුරැස්ස පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර දක්වා උසස්කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ එම නිලයට අයත් ලාංඡන මෘත දේහයට පැළඳවීම මාතර - හම්බන්තොට දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න විසින් සිදුකළ බවයි.

පසුගිය 22 වනදා අකුරැස්ස - ඌරුමුත්ත ප්‍රදේශයේ සිදුකළ නීති විරෝධී මත්පැන් වැටලීමක් අතර සැකකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ මෙම නිලධාරියා කඹුරුපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගියා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරියා අකුරැස්ස, කනංකේ ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි දෙදරු පියෙක්.

වෙඩි තැබීම සිදුකළ සැකකරු ඌරුමුත්ත ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සඳහන්.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලිසිය මේ වනවිටත් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

  



ඡායාරූප - වැලිගම තරංග ගුණරත්න