ගිරිතලේ මවක් දරු තිදෙනා සමඟ වස බොයි

Friday, 24 May 2019 - 18:46

%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%80%E0%B7%83+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BA%E0%B7%92
තම දරු තුන් දෙනාට වස පොවා, තමන්ද වස පානය කළ මවක් පිළිබඳව පුවතක් ගිරිතලේ - අග්බෝපුර - යාය 01 ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

සැමියා මංගල උත්සවයකට ගොස් සිටින අතරතුර මෙම කාන්තාව තම දරු තුන් දෙනා සමඟ මෙලෙස වස පානය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

අසල්වැසි පුද්ගලයෙකුට අදාළ නිවසේ ළමයෙකු කෑ ගසන ශබ්දය ඇසී ඇති අතර, පසුව ගොස් සොයා බැලීමේදී මෙම කාන්තාව සහ ළමයින් තුන් දෙනා වස පානය කර සිටින අයුරු දැක තිබෙනවා.

ඔවුන් ජයන්තිපුර ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති අතර, රෝහලට රැගෙන යනවිටත් සිව් හැවිරිදි බාල දියණිය මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවු 36 හැවිරිදි මව සහ 12 හැවිරිදි පිරිමි දරුවා සහ 09 හැවිරිදි වැඩිමහල් දියණිය පසුව පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවුණා.

ඔවුන් පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.